පානීය ජල සංරක්ෂණය පිළිබඳ වැඩමුළුව

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය – වරකාපොළ |

පානීය ජල සංරක්ෂණය පිළිබඳව මහජනතාවගේ යහපත් ආකල්ප වර්ධනයට ආර්ථක සංවර්ධන නිලධාරින්ගේ දායකත්වය ලබා ගැනීමේ අරමුණෙන් සංවිධානය කළ පානීය ජල සංරක්ෂණය පිළිබඳ වැඩමුළුව වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ගරු ප්‍රාදේශීය ලේකම්තුමාගේ ආරාධනයෙන් පැවැත්විනි.
මෙම වැඩමුළුව සඳහා සම්පත් දායක දේශකයින් ලෙස, ජ්‍යෙෂ්ඨ සාමූහික සන්නිවේදන නිලධාරි හේමන්ත අබේකෝන් මහතා සහ රසඥ නිලන්ත විජේසිංහ මහතා සහභාගි වූ අතර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ සාමූහික සන්නිවේදන අංශය විසින් වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.

 

#CEWAS #NWSDB #wastewatertreatment #wastewatermanagement #wastewatersolutions #Waterboad #jobseekers #jobopportunities